කළුතර ඇතුළු ප්රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
June 9, 2026 06:26 pm
කළුතර ඇතුළු ප්රදේශ කිහිපයක් සඳහා හෙට (10) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්රදේශ සඳහා හෙට උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ කෙත්හේන ජල පවිත්රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.
