තලවතුගොඩ ගින්නෙන් පුද්ගලයෙකු මරුට
June 9, 2026 12:08 pm
තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු මෙලෙස මියගොස් ඇත.
අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් ද යොදවා තිබේ.
කෙසේවෙතත් පොලීසිය සැක පළ කරන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
