නැවත දැනුම්දෙන තුරු ඉරානයට නොයන ලෙස ඉන්දියානුවන්ට දැනුම්දීමක්
June 8, 2026 04:23 pm
යළි දැනුම්දෙන තුරු ඉරානයට යාමෙන් වළකින ලෙසත් ඉරානය තුල දැනට පදිංචිව සිටින ඉන්දියානුවන්ට කඩිනමින් ඉන් පිටව යන ලෙසත් දන්වමින් ඉන්දියාව විසින් නව සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාල විසින් මෙම උපදේශනය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව ඉරානයේ යුධ ගැටුම් වර්ධනයන් සැළකිල්ලට ගෙන ඉරානයට කිසිදු සංචාරයක් සඳහා යාමෙන් වළකින ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව සඳහන් වෙයි.
