තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
June 8, 2026 03:19 pm
හෙට (09) ප.ව. 03.30 වන තෙක් වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් 4කට සහ තවත් ප්‍රදේශ කිහිපයකට විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවය.
එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු -මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය බල පා ඇති බවය.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
