ආන්දෝලනයට තුඩුදුන් භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සිද්ධිය අද මුදල් කාරක සභාවට
June 8, 2026 07:03 am
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් භාණ්ඩාගාරයෙන් තෙවන පාර්ශවයක් වෙතට යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අද (08) සාකච්ඡාවට ගන්නා බව සඳහන් වේ.
එහිදි අදාළ සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව පිළිබඳව අවදානය යොමු කිරීමට නියමිතව ඇත.
ඒ සදහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්යය හර්ෂණ සූරියපෙරුම මහතාට සහ මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතාට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පර්ශවයක් වෙත යොමු කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාව මහා භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා තිබු අතර එම වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇත.
