මොනරාගල - දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක ගින්නක් 

මොනරාගල - දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක ගින්නක් 

June 7, 2026   02:40 pm

මොනරාගල දඹගල්ල ප්‍රදේශයේ කොහු මෝලක් අද (07) දහවල් ගිනි ගැනීමට ලක්ව තිබේ. 

කර්මාන්තශාලාව පුරාවට වේගයෙන් පැතිර යමින් තිබෙන ගින්න පාලනය කිරීමට මේ වනවිටත් මොනරාගල ගිනි නිවීම් රථ සහ ප්‍රදේශවාසින් සමග එක්ව පොලිස් නිලධාරීන් ද කටයුතු කරමින් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

අදාළ ගින්නෙන් ඒ අසළ තිබූ ලොරි රථයකට ද හානි සිදුව ඇති බව සඳහන්ය. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නොමැති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දඹගල්ල පොලිසිය විසින් ක්‍රියාත්මක කෙරේ.