සෙනෙහසේ කැදැල්ලේ ඇති වූ ගින්නෙන් මිය ගිය හයකගේ මරණ පරීක්ෂණ ප්‍රමාදයි

සෙනෙහසේ කැදැල්ලේ ඇති වූ ගින්නෙන් මිය ගිය හයකගේ මරණ පරීක්ෂණ ප්‍රමාදයි

June 6, 2026   08:39 pm

ගිනිගැනීමක් හේතුවෙන් අඟුරුවාතොට "මව්පිය සෙවන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට මිය ගිය තවත් හය දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම තවදුරටත් ප්‍රමාදවී තිබේ. 

ඒ, මළ සිරුරු හඳුනාගැනීමට ඔවුන්ගේ ඥාතීන් නොපැමිණිම හේතුවෙනි.

ඔවුන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් එම සිරුරු කළුතර නාගොඩ ගල්ලැස්ස මාතෘ හා ළමා රෝහලේ අධි ශීතකරණවල ගබඩා කිරීමට අද (06) දින පියවර ගෙන තිබේ. 

මේ අතර ඥාතීන් වෙත බාර දුන් එක් මෘත දේහයක භූමදාන කටයුතු මුණගම පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණි.