නොරොච්චෝල දළුව මෝය කටේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

නොරොච්චෝල දළුව මෝය කටේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

June 6, 2026   08:24 pm

නොරොච්චෝල දළුව මෝය කටේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18 සහ 19 වයස්වල පදිංචි තරුණියන් දෙදෙනක් සහ 24 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය පැවසුවේ මෙම දිය අනතුර අද පස්වරු 5.30ට පමණ සිදුව ඇති බවය.

මියගිය තිදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවටද මේ වන විට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලීසිය විසින් සිදුකරති.