ජර්මන් ජාතිකයෙකුට වංචා කළ සංචාරක මඟපෙන්වන්නෙකු අත්අඩංගුවට

ජර්මන් ජාතිකයෙකුට වංචා කළ සංචාරක මඟපෙන්වන්නෙකු අත්අඩංගුවට

June 6, 2026   03:17 pm

ජර්මන් ජාතිකයෙකුගෙන් යුරෝ 91,860ක (රු. කෝටි 2.5කට අධික) මුදලක් වංචා කළ අයෙකු බෙන්තරදී අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතිකයා විසින් මෙරට සංචාරක ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ලබා දුන් මුදලක් සැකකරු විසින් මෙලෙස වංචා කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සංචාරක මඟපෙන්වන්නෙක්ය. 

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.