බිඳ වැටුණු ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු අවසන් - ජල සැපයුම පස්වරු හය වනවිට යථා තත්ත්වයට

බිඳ වැටුණු ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු අවසන් - ජල සැපයුම පස්වරු හය වනවිට යථා තත්ත්වයට

June 5, 2026   05:44 pm

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කරන ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අත්හිටුවා ඇති ජල සැපයුම අද (05) පස්වරු 06.00 වනවිට යථා තත්ත්වයට පත්වනු ඇත.

පෙරවරුවේ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශවලට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මීට පෙර සඳහන් කළේය.