හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විධායක කමිටුව රැස්වෙයි

හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විධායක කමිටුව රැස්වෙයි

June 5, 2026   05:03 pm

පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.

ඒ නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදීය.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විධායක කමිටු රැස්වීම මේ වන විටත් එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන බවද වාර්තා වේ.

මේ සඳහා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විධායක කමිටු සාමාජිකයින් රැසක් එක්ව ඇති බවත් වාර්තා වේ.