නේපාල විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක

නේපාල විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක

June 5, 2026   03:29 pm

නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්ගේ ආරාධනයකට අනුව නේපාල විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඔහු අද (05) දිනයේ ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.

සිය තෙදින ඉන්දීය නිල සංචාරයේදී නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම සහ දේශසීමා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන්.