සූර්යකුමාර්ගෙන් T20 නායකත්ව ඔටුන්න ගැලවෙයි?

සූර්යකුමාර්ගෙන් T20 නායකත්ව ඔටුන්න ගැලවෙයි?

June 4, 2026   09:26 pm

ඉන්දියාවට මෙවර විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට නායකත්වය දුන්  සූර්යකුමාර් යාදව්, එම තරගාවලියෙන් පසු දක්වන දුර්වල දක්ෂතා හේතුවෙන් නායකත්වයෙන් ඉවත්කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව යාදව් වෙනුවට ශ්‍රෙයාස් අයියර් ඉන්දියාවේ මීළඟ නිත්‍ය විස්සයි20 නායකයා ලෙස පත් කිරීමට නියමිත බව සඳහන්ය. 

ඉකුත් මාර්තු මාසයේ අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දියාව යුරෝපා සංචාරයකට එක්වන අතර, එහිදී ඔවුන් අයර්ලන්ත සහ එංගලන්තය සමගින් තරග වැඳීමට නියමිතව තිබේ.

එම තරග සංචාරය සඳහා ක්‍රීඩාකරන ඉන්දීය විස්සයි20 සංචිතය එළැඹෙන සෙනසුරාදා (4) ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර, එම සංචිතයෙන්ද 35 හැවිරිදි සූර්යකුමාර් යාදව් ඉවත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් අනාගත සූදානමක් ලෙස එම තරගාවලි සඳහා නිමාවූ IPL තරගාවලියේදී සුවිශේෂී දක්කම් දැක්වූ වෛභව් සූර්යවංශි ඔහුගේ කැඳවීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ඔහුට ඉන්දීය සංචිතයෙන් ඉඩක් වෙන්වුවහොත් සචින් තෙන්ඩුල්කාර්ගෙන් පසු ඉන්දීය පිරිමි සංචිතයකට තේරී පත් වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 15 හැවිරිදි සූර්යවංශි පත්වනු ඇත.