ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

June 4, 2026   04:30 pm

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීමේ චෝදනාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අසාධාරණයට පත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව, ජාතික පොලිස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ලද නියෝගයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.