විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

විදෙස් දුම්වැටි තොගයක් සමග තිදෙනෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

June 4, 2026   03:32 pm

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 83කට අධික වටිනාකමකින් යුත් චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙකු අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35, 38 සහ 50 යන වයස්වල පසුවන චීන ජාතිකයින් පිරිසකි.

ඔවුන් විසින් දුම්වැටි 55,800ක් අඩංගු කාටූන් 279ක් ගමන් මලු 6ක් තුළ සඟවා මෙරටට රැගෙන විත් තිබේ. 

එලෙස රැගෙන ආ දුම්වැටි තොගය ගුවන්තොටුපොළ 'හරිත මාවත' ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.