දින 3ක් 'නවම්මහර' දුම්රිය හරස් මාර්ගය හරහා වාහන ගමනාගමනය සීමාකරයි
June 4, 2026 12:42 pm
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ සැතපුම් 08 දම්වැල් 05 ස්ථානයේ පිහිටි “නවම්මහර” දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් පහත සඳහන් දිනවල එම හරස් මාර්ගය හරහා වාහන ගමනාගමනය සීමාකර ඇති බව දැනුම් දී ඇත.
ඒ අනුව,
2026/06/05 දින - පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා - වාහන ගමනාගමනය අර්ධ වශයෙන් සීමා කෙරේ.
2026/06/06 දින - පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා - වාහන ගමනාගමනය සම්පුණයෙන් සීමා කෙරේ.
2026/06/07 දින - පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා - වාහන ගමනාගමනය අර්ධ වශයෙන් සීමා කෙරේ.
ඉහත අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්ත හේතුවෙන් හරස් මාර්ගය භාවිත කරන්නන්ට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ප්‍රකාශ කර ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.
