ගින්නට හසුවූ වැඩිහිටි නිවාසයේ 72ක් රැඳී ඉදලා
June 3, 2026 09:55 pm
හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සත්කාරක නිවාසයක අද (3) පස්වරුවේ හටගත් හදිසි ගින්න පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා රස පරීක්ෂක වාර්තාව හෙට (3) උදෑසන ලබාගැනීමට නියමිතය.
ගින්න ඇතිවන අවස්ථාව වනවිට 72දෙනෙකු රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තාවන අතර, ඉන් 44 දෙනෙකු කිසිදු අනතුරකින් තොරව මුදාගැනීමට පොලිසිය සහ සහන කණ්ඩායම් සමත්විය.
ගින්න පිළිබඳ තොරතුරු සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ සහන සේවා සහ ප්‍රදේශවාසීන්, දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළේය.
කෙසේ නමුත් ගින්න හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇත.
පොලිසිය සඳහන් කරන සිටියේ එම පරිශ්‍රයේ සිටි පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබූ බවත්, සොයාගැනීම් අතරතුර ඉන් කිහිපදෙනෙකුගේ සිරුරු සොයාගැනීමට හැකිවූ බවත්ය.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මෙම වැඩිහිටි සත්කාරක නිවාසයේ රැඳී සිටි 51ක් මේ වනවිට බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටී.
