හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

June 3, 2026   07:25 pm

UPDATE - 7.25 P.M

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්

හොරණ - බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ අද (3) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 44 දෙනෙකු මුදාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ තවත් 7 දෙනෙකු රෝහල්ගත ප්‍රතිකාර ලබන බවය.

කෙසේ නමුත් තවත් පුද්ගලයින් 11ක් අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසීය.

--------------------------------

හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට

හොරණ - බටගොඩ ගල්පාත ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක අද (3) පස්වරුවේ හටගත් ගින්නට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.