රිවෝල්වර 19ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු මාට්ටු

රිවෝල්වර 19ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු මාට්ටු

June 3, 2026   10:27 am

රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

‍බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් සහ ගිනි අවි තොගය සොයාගත් බව පොලිසිය පැවසීය. 

එහිදී මෙරට නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 19ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.