රටේ අවශ්‍යතාව අනුව සහල් ආනයනයට පියවර ගන්නා බව ඇමති වසන්ත කියයි

රටේ අවශ්‍යතාව අනුව සහල් ආනයනයට පියවර ගන්නා බව ඇමති වසන්ත කියයි

June 3, 2026   08:38 am

රටේ අවශ්‍යතාවය මත සහල් ආනායනය කිරීම පිළිබඳ සලකා බලන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. 

ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 120,000 ක් අප්‍රේල් මාසයේදී ආනයනය කර ඇති බවය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දක්වනමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ, වී සහල් බවට පත්කිරීම සහ අල මිලදී ගැනීමේ ක්‍රියාවලියට සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මැදිහත් වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවය.

එමෙන්ම අල කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 220ක මුදලකට මිලදී ගෙන ඒවා සතොස මඟින් අලෙවි කිරීමට නියමිතව ඇති බවඳ එහිදී වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසා ඇති බව සඳහන්ය.

වී වේලීම, ගබඩා කිරීම ඇතුළු පහසුකම් රැසක් වැඩිදියුණු කිරීම සඳහා සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන්කර ඇති බවද මෙහිදී අනාවරණ වී තිබේ. 

මේ අතර ගොවියා පීඩාවට පත්කර වී ගොවිතැන විනාශ කිරීමට ආණ්ඩුව සිදුකරමින් යන ක්‍රියාවලියට එරෙහිව ගොවීන් ඉදිරියේදී කොළඹට කැඳවීමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන එකටුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා පවසයි. 

තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව කටයුතු කිරීම මඟින් ගොවීන් දැඩි අසිරුතාවයට පත්ව ඇති බව මහකනදරාව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති සමන් තුසිත මහතා පැවසුවේය.