හිනිදුම රෝහල අසලදී යතුරුපැදියක් තාප්පයක ගැටී ව්‍යාපාරිකයෙක් මරුට

හිනිදුම රෝහල අසලදී යතුරුපැදියක් තාප්පයක ගැටී ව්‍යාපාරිකයෙක් මරුට

June 2, 2026   03:49 pm

හිනිදුම රෝහල ආසන්නයේදී අද (02) සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මණ්ඩලපුර ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ආයතනයක හිමිකරුවෙකි.

ප්‍රදේශවාසියෙකු පැවසූ පරිදි, යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගය අයිනේ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු උඩුගම රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.

මරණකරුගේ දේහය මේ වන විට උඩුගම රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හිනිදුම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.