දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට ලබා දෙන ගෙවල් කුලී දීමනාව දීර්ඝ කෙරේ
June 2, 2026 03:22 pm
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවාස ඉදි කර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දුන් ගෙවල් කුලී දීමනාව දීර්ඝ කර තිබේ.
ඒ අනුව අදාළ දීමනාව මාස 6 සිට මාස 9 දක්වා තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
