නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි
June 1, 2026 06:10 pm
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් ඔහු සංකේතාත්මකව රාජකාරී භාර ගැනීම සිදු කළේය.
ඒ මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වේ.
මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ අතර, වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.
