බේරූට් නුවරට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල අගමැතිගෙන් නියෝග
June 1, 2026 04:07 pm
ඊශ්‍රායලය සහ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර පවතින ගැටුම් තවදුරටත් දැඩි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ හේතුවෙන් ලෙබනනයේ අගනුවර වන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුම කඩකරමින්, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව නෙතන්යාහු පවසා තිබේ.
