බිඳවැටුණු RMV පරිගණක පද්ධතිය යථා තත්ත්වයට
June 1, 2026 03:12 pm
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතිය අද (01) පැය දෙකකට ආසන්න කාලයක් බිඳ වැටීම හේතුවෙන් සේවා කටයුතු අඩාල වී තිබුණි.
මෙම තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම් සහ අනෙකුත් සේවා ලබාගැනීමට පැමිණි ජනතාවට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවිය.
කෙසේ වෙතත්, තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමෙන් අනතුරුව පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති අතර, මේ වනවිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදු කෙරෙන බව වාර්තා වේ.
