ඔස්ට්‍රේලියාව සහ මෙරට අතර වෙළෙඳ හා  සංචාරක සබඳතා පුළුල් කිරීමට සැලසුම්

ඔස්ට්‍රේලියාව සහ මෙරට අතර වෙළෙඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමට සැලසුම්

May 31, 2026   03:28 pm

නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර හමුවක් අද (31) පස්වරුවේ පවත්වා තිබේ.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් සිය ස්තූතිය පිරිනමන බවය.

​මෙහිදී පාර්ලිමේන්තු සහයෝගීතාව ඉහළ නැංවීම, රජයන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහයෝගය දැක්වීම මෙන්ම වෙළඳ හා සංචාරක සබඳතා පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇත.