බෙලාවියා ගුවන් සේවය මෙරටට යළි ගුවන් ගමන් අරඹයි

බෙලාවියා ගුවන් සේවය මෙරටට යළි ගුවන් ගමන් අරඹයි

May 31, 2026   11:25 am

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා ගුවන් සේවය ඔක්තෝබර් 27වනදා සිට නැවතත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

මෙම ගුවන් සේවය එයාර්බස් ඒ330-200 ගුවන් යානා යොදාගනිමින් අඟහරුවාදා දිනවලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මින්ස්ක් නුවරින් පෙ.ව 12:50ට පිටත්වන එම ගුවන් යානය පස්වරු 12.40 වන විට මත්තල ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මත්තලින් පස්වරු 2:40ට පිටත් වන ගුවන් යානය රාත්‍රී 10:10ට මින්ස්ක් නුවරට ළඟා වනු ඇත.

ගුවන් ගමන සඳහා ගතවන කාලය දළ වශයෙන් පැය 9ත් 10ත් අතර වන බව වාර්තා වේ.