කාන්තාවක් ඝාතනය කර  ඝාතකයත් සියදිවි නසාගෙන

කාන්තාවක් ඝාතනය කර ඝාතකයත් සියදිවි නසාගෙන

May 31, 2026   09:36 am

වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයෙකු එම නිවසේම ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පුද්ගලයෙකු සහ වයස අවුරුදු 49ක් වූ කාන්තාවක් වන අතර ඔවුන් නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් අදාළ පුද්ගලයා විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව ඔහුද සියදිවි නසාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

වැල්ලව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.