වෙසක් පොහොය දින බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ අවන්හලක් වටලයි
May 30, 2026 04:45 pm
බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවිකළ කටුනායක අවන්හලකින් මත්පැන් බෝතල් 90ක් සමඟ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව අද (30) වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් කටුනායක මීගහවත්ත ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ අවන්හලක් මෙලෙස වටලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පොලීසිය වෙත යොමුකිරීමට නියමිත බව සඳහන් වෙයි.
