දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණි පුද බිමේ සිට 

දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණි පුද බිමේ සිට 

May 30, 2026   07:24 am

අද (30) දිනට යෙදී තිබෙන උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය කැලණිය රජමහා විහාරස්ථානයේ සිට අද දවස පුරා පැවැත්වෙයි.

ඒ අනුව දෙරණාභිවන්දනා වෙසක් පෝදා සජීවි විකාශය අද දවස පුරා ටීවී දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරෙයි.

පෙරවරු 5:30ට ආගමික වතාවත්වලින් දෙරණාභිවන්දනා පෝදා සජීවි විකාශය ඇරඹුණු අතර සීල සමාදන්, සම්බුද්ධ වන්දන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම රටට සෙත්පතා සිදු කෙරෙන ආශිර්වාද පහන් පූජාවකින්ද සමන්විතය.

ඊට සමගාමීව තොරණ, පහන්කූඩු, බැති ගී ප්‍රසංගවලින් සමන්විත ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය අද පස්වරු 6:45ට ආරම්භ වීමට නියමිතව පවතී.

මීට සමගාමීව කැලණිය රජමහා විහාරස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන ජනතාවගේ පහසුව උදෙසා සෑම වසරකදී මෙන්ම මෙවරත් දෙරණ මාධ්‍ය ජාලය විසින් මාර්ග සංඥා පුවරු සහ මාර්ග බාධක කැලණිය පොලිසිය වෙත ලබාදීම අද සිදුකෙරුණි.