දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් 14ක් රේගු භාරයට
May 28, 2026 09:42 pm
රුපියල් මිලියන 20.73ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් කළ වැටලීමකදී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අද (28) අලුයම 1.30ට පමණ ක්වාලාලම්පූර් සිට OD 297 ගුවන් යානයෙන් පැමිණි මෙම චීන ජාතිකයන් 14දෙනා රේගු නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේදී පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී ඔවුන්ගේ ගමන් මලු 14 තුළ සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණි විදේශීය සිගරට් කාටුන් 691ක්, එනම් සිගරට් 138,200ක් සොයාගෙන රේගු භාරයට ගෙන තිබේ.
රේගු නිලධාරීන් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම සිගරට් තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 20.73ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවය.
රේගු විමර්ශනවලින් අනතුරුව එම භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.
