ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
May 28, 2026 04:56 pm
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් සිදුකර තිබේ.
අද (28) පස්වරු 4.30 සිට පැය 24ක කාලයක් දක්වා බලපැවැත්වෙන පරිදි කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 65ත් අතර දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍ර දේශ විටින් විට රළු විය හැකිය.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
