වැලිකඩ OIC රිමාන්ඩ්

වැලිකඩ OIC රිමාන්ඩ්

May 28, 2026   02:15 pm

පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

දෙපාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් සැකකරු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.