කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

May 28, 2026   12:48 pm

කළුතර ‍වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගෙස් තිබියදී සොයාගෙන තිබේ. 

තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල තිබී එම මෝටර් රථය සොයා ගත් බව පොලීසිය පැවසුවේය. 

‍අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.