වෙසක් පොහොයට දන්සල් දෙන අයට විශේෂ දැනුවත් කිරීමක්
May 28, 2026 12:06 pm
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී අවසන් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, දන්සල් ලියාපදිංචිය සදහා තවදුරටත් අවස්ථාව හිමි වන බවය.
විශේෂයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද දන්සල් සංවිධායකයින්ගෙන් මහජන ස්‍යෙඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටි.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තොරණ, පහන් කූඩු, වෙසක් කළාප රැසක් සංවිධානය කර තිබේ.
