බොරතෙල් මිල පහළට
May 27, 2026 01:23 pm
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (27) පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.
මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.33ක් ලෙස සටහන්ව තිබේ.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 95.05ක් ලෙසත් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
