පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජයෙන් යතුරුපැදි
May 26, 2026 09:27 pm
ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයට අද (26) එක්වෙමිනි.
උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන යමින් සිටින අතර, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතාවට අමතර බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවයි.
මෙම පුහුණුවජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය ආයතනයේ සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී පවත්වා තිබේ.
මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ක්ෂේත්‍ර රාජකාරී අධීක්ෂණය ඇතුළු වගකීම් මෙම නිලධාරිනියන්ට පැවරී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානයේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට විශේෂ ඇගයීමක් හිමිවූ බවත්, එහි ගෞරවයෙන් විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම හේතුවෙන් ලැබුණු බවත්ය.
