ශ්‍රී ලංකා රුපියල එක් දිනකදී 2.7%කින් ඉහළ යයි

ශ්‍රී ලංකා රුපියල එක් දිනකදී 2.7%කින් ඉහළ යයි

May 24, 2026   01:57 pm

පසුගිය දින කිහිපයේම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලේ අගය, සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව 'Bloomberg' වෙබ් අඩවිය පවසයි.

මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකය බවත් 'Bloomberg'වෙබ් අඩවියේ වාර්තාව තුළ සඳහන් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර, මේ නිසා  වෙළඳපොළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බව ද එම වෙබ් අඩවියේ දැක්වේ.

මේ අතර, රුපියල ස්ථාවර කිරීම සඳහා පුද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රජය පියවර ගෙන තිබේ.

එමෙන්ම මහ බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළට මැදිහත් වන බව පවසා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්ය.