බණ්ඩාරවෙල එළවළු මාකට් එකේ සූදු පොළක් - 10ක් අත්අඩංගුවට
May 23, 2026 11:24 am
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට බණ්ඩාරවෙළ පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය අද (23) අලුයම සමත්ව තිබේ.
බණ්ඩාරවෙල පොලිස් විශේෂ ඒකකය මගින් ලබාදුන් තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
