අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

May 21, 2026   05:35 pm

කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340යි මිලි ග්‍රෑම් 170ක් එහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

කොච්චිකඩේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.