විමල්ට තවත් නඩුවක් වැටෙයිද?

විමල්ට තවත් නඩුවක් වැටෙයිද?

May 20, 2026   10:50 am

රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධය ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට තමා සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වේදීයෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා ඒ බව සඳහන් කළේය.  

ප්‍රශ්නය - රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් වැටෙයිද ?

හිටපු පාර්ලිමේන්තු විමල් වීරවංශ - "රණවිරුවන් සිහිකරලා මල් කළඹක් අරගෙන ගිහිල්ලා ඒ ගෞරවය ඔවුන්ට පුදකරන්න දරපු උත්සහායට කඩු දානවානම් එවැනි නඩුවකට මුහුණ දෙන්න කිසි ලෙසකින් අපි පැකිලෙන්නේ නැහැ."