නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

May 18, 2026   08:45 am

රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මොරටුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී නීතිවිරොධි දුම්වැටි 22,400ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.