දිවයිනට පැමිණි ICC නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවෙති
May 17, 2026 08:33 pm
මෙරට සංචාරයක නිතරව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමග ඊයේ (16) සාකච්ඡා පවත්වනු ලැබීය.
