කෑම හොඳින් හැපීම ශරීරයට සහ මොළයට ඉතා වැදගත් බවට අනාවරණයක්

කෑම හොඳින් හැපීම ශරීරයට සහ මොළයට ඉතා වැදගත් බවට අනාවරණයක්

May 17, 2026   05:48 pm

කෑම හොඳින් හැපීම අපේ ශරීරයට සහ මොළයට ඉතා වැදගත් බව නවතම පර්යේෂණවලින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු හතරක් යටතේ මෙම ක්‍රියාවලිය ශරීරට වැදගත් වන බව සඳහන් වෙයි.

ආහාර ජීරණය පහසු කිරීම

කෑම හොඳින් හපන විට කෙළ හෙවත් කේඨ ග්‍රන්ථි වැඩිපුර නිපදවෙන අතර, එයින් ආහාර පහසුවෙන් දිරවීමට අවශ්‍ය එන්සයිම ශරීරයට ලැබේ.

කෑම කුඩා කැබලිවලට කැඩෙන නිසා බඩ පිපුම, මලබද්ධය සහ බඩේ අපහසුතා ඇති නොවන බවද සඳහන් වෙයි.

බර අඩු කර ගැනීමට උදව් වීම

මේ අතර, කෑම 40 වතාවක් පමණ හපන විට බඩ පිරුණු බව දැනෙන හෝමෝන ක්‍රියාත්මක වේ. 

එමඟින් කුසගින්න අඩු වී, කෑම පාලනය කර ගැනීමට උදව් වේ.

දියර ජාති පානය කිරීමට වඩා ඝන ආහාර හපන විට ශරීරයට දැනෙන තෘප්තිය වැඩි බවද සඳහන් වෙයි.

මොළයේ සෞඛ්‍යය සහ මතක ශක්තිය වර්ධනය වීම

මේ අතර, කෑම හොදින් හැපීම මගින් මොළයේ සෞඛ්‍යය සහ මතක ශක්තිය වර්ධනය වීම සඳහා වැදගත් වෙයි.

හොඳින් හපන විට මොළයට ලේ ගමනාගමනය (Blood flow) වැඩි වේ.

දත් සෞඛ්‍යය නරක වීම සහ දත් වැටීම, ඇල්සයිමර් (Alzheimer's) සහ අමතකවීමේ රෝගය (Dementia)වැළඳීමේ අවදානම වැඩි කරයි.

මානසික ආතතිය අඩු කිරීම

චුවින්ගම් හෝ යම් ආහාරයක් හැපීම මඟින් මානසික ආතතිය, බිය සහ කනස්සල්ල අඩු වන බව සිසුන් සහ රෝගීන් යොදාගෙන කළ පර්යේෂණවලින් හෙළි වී ඇත.

එය අවධානය සහ සුළු වේලාවකට මොළයේ අවදිභාවය 10% කින් පමණ වැඩි කරන බව සඳහන් වෙයි.