නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

May 16, 2026   05:59 pm

පවතින අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

එම ආයතනය පහත ප්‍රදේශයන් අද (16) ප.ව. 4න් අවසන් වනලෙස නම්කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් හෙට (17) ප.ව. 4 දක්වා මෙලෙස දීර්ඝකර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න

- කොළඹ දිස්ත්‍රික්කය

- සීතාවක

- කළුතර දිස්ත්‍රික්කය

- අගලවත්ත, හොරණ, වලල්ලාවිට, පාලින්දනුවර සහ මතුගම

- මහනුවර දිස්ත්‍රික්කය

- දොළුව, යටිනුවර, පස්බාගේ කෝරළය, උඩපළාත, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, අකුරණ, පාතහේවාහැට, පන්විල සහ ගඟවට කෝරළය.

- කුරුණෑගල දිස්ත්‍රික්කය

- නාරම්මල සහ අලව්ව

- රත්නපුර දිස්ත්‍රික්කය

- කලවාන, පැල්මඩුල්ල, කුරුවිට, කිරිඇල්ල, ඇහැලියගොඩ, රත්නපුර සහ අයගම

 අනතුරු ඇඟවීමේ මට්ටම 1

- බදුල්ල දිස්ත්‍රික්කය

- හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර

- කොළඹ දිස්ත්‍රික්කය

- පාදුක්ක

- ගාල්ල දිස්ත්‍රික්කයේ

- ඇල්පිටිය, නියාගම, නෙළුව සහ තවලම

- ගම්පහ දිස්ත්‍රික්කය

- අත්තනගල්ල

- කළුතර දිස්ත්‍රික්කය

- ඉංගිරිය සහ බුලත්සිංහල

- මහනුවර දිස්ත්‍රික්කය

- උඩුනුවර, හතරලියද්ද, පූජාපිටිය, උඩදුම්බර, තුම්පනේ, මැදදුම්බර සහ හාරිස්පත්තුව

- කෑගල්ල දිස්ත්‍රික්කය

- අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, වරකාපොළ, යටියන්තොට, කෑගල්ල, රඹුක්කන සහ මාවනැල්ල

- කුරුණෑගල දිස්ත්‍රික්කය

- රිදීගම

- මාතලේ දිස්ත්‍රික්කය

- රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාඋල

- මාතර දිස්ත්‍රික්කය

- පිටබැද්දර

- මොනරාගල දිස්ත්‍රික්කය

- බඩල්කුඹුර, බිබිල සහ වැල්ලවාය

- නුවරඑළිය දිස්ත්‍රික්කය

- අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ බටහිර කොත්මලේ

- රත්නපුර දිස්ත්‍රික්කය

- කහවත්ත, නිවිතිගල, ඇලපාත සහ ගොඩකවෙල