නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
May 15, 2026 05:11 pm
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ අද (15) පස්වරු 4.00 සිට හෙට (16) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කළ බවය.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්රික්කයේ නෙලුව, කළුතර දිස්ත්රික්කයේ අගලවත්ත, මතුගම, හොරණ, වලල්ලාවිට, පාලින්දනුවර, මහනුවර දිස්ත්රික්කයේ ගඟ ඉහළ කොරළය, ගඟවට කෝරළය, දෙල්තොට, පස්බාගේ කෝරළය, පාතහේවාහැට, යටිනුවර, දොළුව, යටිනුවර, උඩපළාත, පන්විල, අකුරණ, කුරුණෑගල දිස්ත්රික්කයේ අලව්ව, නාරම්මල, රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරිඇල්ල, කලවාන යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.
මීට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ බණ්ඩාරවෙල, හාලිඇළ, පස්සර, කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්රික්කයේ තවලම, ඇල්පිටිය, නියාගම, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර, දිස්ත්රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, උඩුදුම්බර, පූජාපිටිය, තුම්පනේ, හතරලියැද්ද, හාරිස්පත්තුව, උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල, රඹුක්කන, වරකාපොල, දෙහිඕවිට, රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්රික්කයේ නාවුල, අඹන්ගඟ කොරළය, රත්තොට, මාතර දිස්ත්රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්රික්කයේ බඩල්කුඹුර, වැල්ලවාය, බිබිල, නුවරඑළිය දිස්ත්රික්කයේ නොර්වුඩ්, අඹගමුව කොරළය, කොත්මලේ බටහිර රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත, ගොඩකවෙල, කහවත්ත, නිවිතිගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
