ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

ආසියානු රටකින් හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් ඕමානයෙන් හමුවෙයි

May 14, 2026   07:53 am

සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගෙන ඇති බවට සැක කෙරෙන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලීසිය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

අදාළ මුදල් ඕමානයේ බැංකුවකින් දේශීය මුදල් බවට මාරුකිරීමට උත්සාහ කිරීමේ දී රාජකීය ඕමාන පොලීසිය විසින් වළක්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව රාජකීය ඕමාන පොලීසිය විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ.  

සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගත් අදාළ මුදල අයත් ආසියානු රට කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. 

ශ්‍රී ලංකාවේ, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625,000ක් පැහැර ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණි.

මෙම ඕමානයෙන් හමුවූ බව කියන මුදල් අතර ශ්‍රී ලංකාවෙන් අස්ථානගත වූ මුදල් ඇත්ද යන්න පිළිබඳ මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් හැර එවන් මුදල් අස්ථානගත වීමේ සිදුවීමක්, මෑතකදී වෙනත් ආසියානු රටකින් වාර්තා වී නොමැති බව සඳහන්ය.