ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට
May 13, 2026 05:49 pm
ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ දැඩි අවධානයට ලක්ව ඇති විශේෂ ද්විපාර්ශ්වික සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ බීජිං නුවරට ළඟා වී තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, චීනයට පැමිණි ට්‍රම්ප් මහතා ලබන 15 වෙනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙහිදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර දේශපාලන කරුණු රැසක් පිළිබඳව නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් බීජිං නුවරදී ඉහළ පෙළේ රාජ්‍ය පිළිගැනීමක් සූදානම් කර තිබු අතර ගුවන්තොටුපළේ දී ජනපති ට්‍රම්ප් පිළිගැනීමට එක්ව සිටියේ චීන උප ජනාධිපති Han Zheng මහතාය.
මෙම සංචාරය අමෙරිකා - චීන සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
