ගෙවී ගිය පැය කිහිපය තුළ කැස්බෑවට මි.මී 204ක වැස්සක්

ගෙවී ගිය පැය කිහිපය තුළ කැස්බෑවට මි.මී 204ක වැස්සක්

May 13, 2026   07:04 am

ගත වූ පැය 22 තුළ වැඩිම වර්ෂාපතනය වූ මි.මී 204ක අගයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩට මි.මී 145.5ක් සහ වතුපිටිවලට මි.මී 105.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලිමලේ ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මි.මී 102.5ක් සහ හොරණට මි.මී 101.5ක වැස්සක් ලැබී ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනය තුළ ද  මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව සඳහන්ය.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවද කාලගුණ අංශ නිවේදනය කරයි.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති වේ.