ඉරානයෙන් අමෙරිකාවට සද්දයක්
May 13, 2026 05:33 am
අමෙරිකාව තම සාම සැලැස්ම පිළිගත යුතු බවත් එසේ නොවන්නේ නම් අසාර්ථකත්වයට මුහුණදිය යුතු බවත් ඉරානය සඳහන් කර තිබේ.
ඉරානය සමඟ සටන් විරාමයක් පැවතීම අවදානම් සහගත තත්ත්වයක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමෙන් අනතුරුව ඉරානය විසින් මේ බව පවසා ඇත.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කරන ලද යුදමය තත්ත්වය මැදපෙරදිග පුරා පැතිර ගිය අතර, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත අසීරු තත්ත්වයකට ඇද දමා තිබේ.
මෙවන් පසුබිමක දෙපාර්ශ්වයම නොයෙක් කරුණු ඉදිරිපත් කරමින් ස්ථීරසාර සාමයක් කරා ගමන් කිරීම දිනෙන් දින පසුබෑමට ලක්කරමින් සිටී.
ඉරානය තවදුරටත් සඳහන් කර ඇත්තේ, කරුණු 14කින් යුත් සිය සාම යෝජනාවලියේ සඳහන් ආකාරයට ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීම හැර අමෙරිකාවට වෙනත් විකල්පයක් නොමැති බවයි.
යුද්ධය අවසන් කිරීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට අමෙරිකානු රජය විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි.
